27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

මුසම්මිල්ගේ ප්‍රහාරයෙන් විජිත හේරත් හාංසියි!

ජවිපෙ නායක අනුර දිසානායක මහතා තමා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පිහිටවන ලද දූෂණ මර්දන කමිටු කාර්යාලය සාමාජිකයෙකු ලෙස නොසිටි බවට ඔහු විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ප්‍රකාශය අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා හිරු රූපවාහිනියේ වැඩසටහනකට පැමිණ ප්‍රකාශ කළේය.

එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුව අනුර කුමාර දිසානායක මහතා දූෂණ මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස නම් කර තිබූ බවයි.

මොහොමඩ් මුසම්මිල් මහතා තම තොරතුරු සනාථ කිරීම සදහා අදාල කැබිනට් පත‍්‍රිකාවද ඉදිරිපත් කරණු ලැබුවේය.

මන්ත‍්‍රී විජිත හේරත් මහතා ජවිපෙ වෙනුවෙන් සංවාදයට සහභාගී වූ නමුදු මොහොමඩ් මුසම්මිල් මහතාගේ චෝදනාවට වැඩසටහන පුරාම පිලිතුරු දීමෙන් වැලකී සිටියේය.

Related posts

පාසැල් අරඹන්න සූදානම්.. යෝජිත ක‍්‍රමය මෙන්න…

Maimoonar

මහින්ද කහදගම අත්අඩංගුවට ගනී…

Maimoonar

මහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියෙක්

Maimoonar