30.4 C
Colombo
October 8, 2026
International NewsNews

කවුද මේ LTTE එකේ අලුත් “ලොක්කා”?

මැලේසියාවේ පොලිස්පති අබ්දුල් හමීඩ් බදෝඩිට වෙඩි තබන බවට තර්ජනය කරමින්; තමා එල්ටීටීඊ සංවිධානයේ නව අණදෙන නිලධාරියා යැයි පවසන පුද්ගලයා සොයා මැලේසියාවේ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ තැනැත්තාගේ තර්ජනය කිරීම් ඇතුළත් ඊමේල් පණිවිඩ මාධ්‍ය වෙත යවා ඇති බවත්; ඉන් බුකිත් අමාන් පොලිස් මූලස්ථානයට හා ආරක්ෂක අමාත්‍යංශයට ප්‍රහාරයක් එල්ල කරන බවටද දැනුම් දී තිබෙන බවත් එරට බුකීත් අමාන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හුසීර් මොහොමඩ් සඳහන් කර තිබේ.

මැලේසියානු පොලිස්පතිවරයාට තර්ජනය කරමින් ඊමේල් පණිවිඩ එවන්නේ තනි පුද්ගලයකු බව පෙන්වා දෙන එරට ඇතැම් මාධ්‍ය එම පණිවිඩ හරහා ශ්‍රී ලංකාව තුළ ද ප්‍රහාර එල්ල කරන බවට ද දැනුම් දී තිබෙන බව සඳහන් කරයි.

lankaleadnews

Related posts

කරන්න බැරිනම් රට බාර දෙන්න..මාස තුනෙන් රටේ ඩොලර් පුරවා පෙන්වනවා..-ජනපති සොයුරු ඩඩ්ලි

Maimoonar

මහා කිරිපිටි වංචාවක්ද..? බදු සහන එන තෙක් කිලෝ මිලියන 4.2ක් වරායේ සගවලා.. ලෝක වෙලදපලේ කිරිපිටි මිලත් පහල ගිහින්…

Maimoonar

කොළඹ නගර සභාවේ මාලිමාවට බහුතරය නෑ..

Maimoonar