29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…

ළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2021 වසර සඳහා පළමු වසරට ළමයෙක් ඇතුළත් කිරීම සඳහා ඇය එම මුදල අද (02) උදෑසන 10ට පමණ ලබාගෙන ඇති අතර එම මුදල ලබා ගනිද්දී අද (02) ඇයව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව එම විදුහල්පතිනිය අත්අඩංගුවටගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශිකාවක් පැවසුවාය.

මේ වන විට අදාළ විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අද සවස අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

adaderana

Related posts

ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…

Maimoonar

ඉන්ධන ගේන්න මුදල් කොපමන උවමනාදැයි සාකච්චා කරයි…

Maimoonar

නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා වෙයි

Maimoonar

4 comments

Comments are closed.