28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

දුමින්ද නිදහස් කරන්නම ඕනෑ.. බැසිල් පාර්ලිමේන්තු එන්නම ඕනෑ.. තවත් මේවා අතගගා ඉන්න ඕන නෑ..- අරුන්දික

මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීමටත් කටයුතු කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

දුමින්ද සිල්වාට ලබාදී ඇත්තේ දේශපාලන තීන්දුවක් බවත් යහපාලන රජය විසින් අධිකරණයට බලපෑම් කර එම දඬුවම නියම වූ බවද ඔහු පැවසීය.

නීතිය සාධාරණයට ගරු කරන රජයක් ලෙස දුමින්ද සිල්වා නිදහස් කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපති තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුම බව ද පැවසූ ඔහු 2015ට පෙර පැවති රජයේ ග්‍රාමීය ආර්තිකය ගොඩනැගීමේ ගෞරවය හිමි වන්නේ බැසිල් රාජපක්ෂ මහතාට බවද ඔහු සඳහන් කළේය.

එනිසා දැන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය භාර ගත යුතු බවද ඔහු කියා සිටියේය.

තවදුරටත් මේවා අතගගා සිටිය යුතු නැතැයි ද ඔහු එහිදී අවධාරණය කළේය.

lankacnews

Related posts

ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…

Maimoonar

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නයි ජනපති රාජ්‍ය ඇමති වරුන්ට දන්වයි..

Maimoonar

එදා දුෂිත කිවු සමාගම් එක්ක අද ආණ්ඩුව ගිවිසුම් ගහලා…

Maimoonar

57 comments

Comments are closed.