27.2 C
Colombo
September 10, 2026
NewsPolitical

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. සියලූ නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා මාතලේ දිස්ති‍්‍රක් දේශපාලන අධිකාරියට නියම කළේ. මාතලේ හිඹිලියාකඩ නාගවනාරාම විහාරස්ථාන භූමියේ අද පෙරවරුවේ පැවති ”ගම සමඟ පිළිසඳර” වැඩසටහනට සහභාගී වෙමින් ජනා‎ධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නා.

විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැඹුරු ඔය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල, හිඹිලියාකඩ සහ අවට ප‍්‍රදේශ ගණනාවක ප‍්‍රදේශවාසීන් ජනාධිපතිවරයා හමුවී දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට එම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. රැස්ව සිටි බොහෝ දෙනාගෙන් ඉඩම් පිළිබඳ ගැටළු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොල නගරයේ විශාල පිරිසකට බලපා ඇති ඔප්පු පිළිබඳ ගැටළුවට ද කඩිනම් විසදුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළා.

ස්වයං රැකියාවක් ලෙස කිරි ගොවි කර්මාන්තයේ නිරත පිරිස මුහුණ දී සිටින ගැටළු කෙරෙහි ද එහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

කිරි ගොවීන් ව්‍යවසායකයන් බවට පත්කිරීමට සහාය දිය යුතු බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය සමග සාකච්ජා කර ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට හා පහසුකම් සැලසීමට පියවරගත යුතු බවට ද එහිදී උපදෙස් ලබා දී තිබෙනවා. අඩු මුදලට කිරි ගවයන් ලබා දීමට, අදාළ ආයතන දැනුවත් කිරීමට ද තීරණය කෙරුණා.

කිරි ගොවීන් ණය ඉල්ලූම් කිරීමේදී සැපයිය යුතු ඇප කොන්දේසි ලිහිල් කිරීමට බැංකු සමග සාකච්ජා කර පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Maimoonar

කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..

Maimoonar

ලෝකයේ කොරෝනා මරණ වැඩිම රට ශ‍්‍රී ලංකාව විය හැකි බව දන්වයි…

Maimoonar

42 comments

Comments are closed.