30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

‘‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා… එකතුවෙන්න ආවොත් එලවනවා‘‘ – ඇමති විමල් රිෂාඩ්ට යුද ප්‍රකාශ කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

රාජ්‍ය උත්සවවලට ඕනෑම විපක්ෂ මන්ත්‍රී වරයෙකුට පැමිණීමේ අයිතිය ඇති බවත් එහිදී සිදුවන සාකච්ඡාවන් සාමාන්‍ය සිදුවීම් බවත් ඔහු පැවසීය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති උත්දවයකට බදියුදීන් මන්ත‍්‍රීවරයා පැමිණ සිටීම ආණ්ඩුවට එක්වීමේ පෙරහුරුවක් ලෙස දැකීම නිවැරැදි නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා.. එකතුවෙන්න ආවොත් එලවනවා’ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

lanka lead news

Related posts

ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා…

Maimoonar

පුද්ගලික ආයතන සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන යන්ත‍්‍ර ඉල්ලයි..

Maimoonar

මෙවර මග හරින්න බැරිවෙයි.. ලාෆ් ගෑස් මිල අඩු කරයි…

Maimoonar

876 comments

Comments are closed.