27.2 C
Colombo
September 10, 2026
NewsPolitical

චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට එක්වීමට සූදානම් බවත් එය සම්බන්ධීකරණය කරන්නේ තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා විසින් බවත් මෑතකදී ආණ්ඩුවට එක් වූ එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

ඊයේ රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

‘එයාලට මගේ මන්තී‍්‍රකම නැති කරන්නත් බෑ. මාව නියෝජ්‍ය ලේකම්කමෙන් අයින් කරන්නත් බෑ. සේනක උප සභාපතිකමෙන් අයින් කරන්නත් බෑ. ඒ තියා විනය පරික්‍ෂණයක්වත් තියන්න බෑ. මහලේකම් කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ.
කිංග්ස් නෙල්සන් මහින්ද මහත්තයා හම්බවුනේ සේනකයි මමයි ඉස්සරහ. චමින්දයි, හේෂායි. මයන්තයි ගේන්න කොන්ත‍්‍රාත් එක කලේ තිස්ස අත්තනායක.
ඡුන්දෙ දවසේ උදේ චමින්දයි, හේෂයි හිටියේ අපේ ගෙදර. ලොක්කා කිව්වා ඒ අයට අද එන්න එපා අය වැයේදී ගන්නම් කියලා. ජලනි කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ’ යයිද ඇය හෙලිදරවු කලාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කන්දකාඩු කොරෝනා පොකුර 519 දක්වා ඉහළට

Maimoonar

තවත් 633කට කොරෝනා..

Maimoonar

කොරෝනා වෛරසයෙන් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබයි : පැය 24ක් තුල රෝගීන් 97000ක් සහ මරණ 1,200ක්

Maimoonar

2 comments

Comments are closed.