31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

සදුදා සිට සියළු විශ්ව විද්‍යාල විවෘතයි.. පාසැල් ගැන තීරණයක් නෑ..

රට පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල කාර්යාල කටයුතු 11 වන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල හා අනධ්‍යයන සේවක මණ්ඩලවල තෝරාගත් පිරිසක් පමණක් කැඳවීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

සදුදා දිනයේ සිට විශ්වවිද්‍යාලවල කාර්යාලය කටයුතු සහ පර්යේෂණ කටයුතු ආරම්භ කරන බවද කොමිසම පැවසීය.

කෙසේ නමුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට අධ්‍යන කටයුතු ආරම්භ කිරීම පිළිබඳව ඉදිරියේදි දැනුම්දෙන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේය.

මේ අතර 11 වැනි සඳුදා දින රජයේ පාසල නැවත විවෘත කිරීම පිළිබඳව මෙතෙක් තීන්දුවක් ගෙන නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ඉදිරියේදී ඒ පිළිබඳව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි: මරණ 334ක්, 370ක් අතුරුදන්

Maimoonar

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

Maimoonar

නොවැම්බර් 30 ජනාධිපතිවරණය..

Maimoonar