28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..

කොරෝනා වෛරසය මුදල් නොට්ටු මත දින ගණනාවක් තිබිය හැකි නිසා මුදල් භාවිත කල සෑම අවස්ථාවකස අත පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය මත නිවසේ සියළු දෙනා මුදල් නෝට්ටු කාසි ඇල්ලීමෙන් වැළකී නිවසේ එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් පමණක් ඒ සඳහා යොමුවිය යුතු බවයි.

මුදල් භාවිතයේදී නිසි සෞඛ්‍ය උපදේශන පිළිපැදීම ඉතා වැදගත් වන බවද ඔහු සඳහන් කළේය.

හිරු එළිය වැටෙන තැනක මුදල් තැබීමෙන් වෛරස් ඒ ඉක්මනින් විනාශ බවද ඒ මහතා සඳහන් කළේය.

හැකිතාක් මුදල් ගනුදෙනු අවමකර එක්වරම මුදල් ගෙවීම සුදුසු යයිද ඒ මහතා පැවසීය.

කෙසේ හෝ මුදල් ගනුදෙනු වලින් පසු දෑත් සෝදා ගැනීම ඉතා වැදගත් වන බවද ඔහු තව දුරටත් කියා සිටියේය

lankacnews

Related posts

කොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනී

Maimoonar

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…

Maimoonar

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

Maimoonar

87 comments

Comments are closed.