29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

එන සතියේ රටටම කන්න නැති වෙනවා…

වරාය වෙත ලැබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද වන විට බස්නාහිර පළාතට පමණක් බෙදාහැරීම් සීමා වී ඇතැයි සමස්ත ලංකා වරාය ඒකාබද්ධ බහලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංසදය සදහන් කරයි.

එහි සභාපති සනත් මංජුල මහතා පෙන්වා දෙන්නේ රටේ අනිකුත් පළාත්වල උග්‍ර ආහාර හිගයක් ඇති වී තිබෙන බවයි.

අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට නිසි වැඩ පිළිවෙලකට අනුව ඉන්ධන ලබා නොදෙන පසුබිමක ලබන සතියේ වරායේ බහාලුම් ප්‍රවාහනය කරන්නන් අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවත් ඔහු පැවසීය.

මෙම තත්වය මත ඉදිරි දින කිහිපය තුළ රටේ උග්‍ර ආහාර හිගයක් ඇති විමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

Related posts

ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.

Maimoonar

21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…

Maimoonar

අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..

Maimoonar