30.4 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

සඳුදා සිට කොටස් වෙළෙඳපොළ විවෘතයි. ගනුදෙනු පැය 2කට සීමාවෙයි

කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද මැයි 11 දින සිට නැවත ඇරඹීමට කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳව නිවේදනය කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොල මැයි 11 සිට විවෘත කෙරෙන බවයි. කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

මේ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතය. සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලසීමාව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5කි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු පසුගිය අප්‍රේල් 01 දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට මීට පෙර තීරණය කෙරුණි. අවසන් වරට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වූයේ පසුගිය මාර්තු 20 වන දිනය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අභියෝග මැද එළඹි නව වසර ශී‍්‍ර ලාංකිකයනුත් උණුසුම්ව පිළිගනී

Maimoonar

කොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි..

Maimoonar

වන අලි මරණවලට විසඳුමක් ලෙස CID මැදිහත්වීමක් – පරිසර අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ඉල්ලයි

Maimoonar