27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

බස්නාහිර පළාත තුළ මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය පාලනයකට යටත් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ අතින් පාලනය ගිලිහී නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් රට යථා ත්ත්වයට පත් වීම හෝ නොවීම ගැන දැනට අනාවැකි පළ කළ නොහැකි බවද මෙම කාලසීමාව අධික සුපරික්ෂාව යටතේ පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

ඉන්පසු තවත් කාලයක් යන තුරු සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් පාලනයට යටත්ව දෛනික කටයුතු පවත්වාගෙන යාම අනිවාර්යෙන්ම සිදුකළ යුතුව ඇතැයිද ඔහු කියා සිටියේය.

වෛරසය පාලනය සඳහා බලපාන ප්‍රධානම සාධකය වන්නේ ජනතාව විසින් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම බවද පැවසූ ඔහු සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමට රජය ගෙන තිබෙන තීරණය ක්‍රියාවට නැගීම සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස ද ඉල්ලා සිටියේ ය.

එසේ කටයුතු කළහොත් කොරෝනා වෛරසය රට තුළ ඉතා සාර්ථක ලෙස පාලනය කල හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙම තීරණාත්මක කාලසීමාවේදී ජනතා සහාය ලබා දුනහොත් රටේ සාමාන්‍ය ජන ජීවිතය නගා සිටු වීම අසීරු කටයුත්තක් නොවනු ඇති බවට ද ජාසිංහ මහතා දැඩි විශ්වාසය පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආර්ථික මධ්‍යස්ථාන සමාගම් පාලනයට පැවරීමේ තීරණයට වෙළෙඳ ප්‍රජාවගෙන් දැඩි විරෝධයක්

Maimoonar

රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..

Maimoonar

මෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…

Maimoonar

819 comments

Comments are closed.