26.7 C
Colombo
October 1, 2026
Local NewsNews

මාදැල් කර්මාන්තයේදී යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වැළකී පවතින නීතියට ගරු කරන ලෙසට දැනුම්දීමක්

මාදැල් කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය හේතුවෙන් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියට සහ අනෙකුත් ධීවර ප්‍රජාවට සිදුවන දැඩි අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින්, පවතින නීති රාමුවට අනුකූලව සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සියලුම මාදැල් ධීවරයන්ගෙන් ඉල්ලා සිටී. ට්‍රැක්ටර් සහ වින්ච් යන්ත්‍ර භාවිතය තහනම් කිරීමට එරෙහිව ඇතැම් ප්‍රදේශවල විරෝධතා පැනනැගී ඇති පසුබිමක ඔහු මේ බව අවධාරණය කළේය.

1984 මාදැල් නියෝග මාලාවට අනුව මාදැල් කර්මාන්තය යනු යාන්ත්‍රික ක්‍රියාකාරකම්වලින් තොරව මිනිස් ශ්‍රමය පමණක් භාවිත කරමින් සිදු කළ යුතු සාම්ප්‍රදායික වෘත්තියක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. රජය විසින් අලුතින් නීති පැනවීමක් සිදු කර නොමැති බවත්, පවතින නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් සිදු කරන බවත් ඔහු පැවසීය. දිවයින පුරා ක්‍රියාත්මක මාදැල් 827න් බහුතරයක්, විශේෂයෙන් දකුණු පළාතේ ධීවරයන්, අදටත් කිසිදු ගැටලුවකින් තොරව මිනිස් ශ්‍රමයෙන් මෙම කර්මාන්තයේ නිරත වන බවද ඔහු සිහිපත් කළේය.

නවීන තාක්ෂණය භාවිතය යනුවෙන් හඳුන්වමින් සිදු කරන්නේ නීතිවිරෝධී සහ පරිසර විනාශකාරී ක්‍රියාවක් බවත්, සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය සහ සමුද්‍රීය සම්පත රැකගැනීම දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එබැවින් අනෙකුත් ධීවරයන්ට හෝ සාගර පරිසරයට හානි නොවන පරිදි නීත්‍යානුකූල රාමුව තුළ සිටිමින් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම මාදැල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

ජෙඩාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තාවකාලිකව වැසෙයි

Maimoonar

ඕනෑම අවධානම් තත්ත්වයකට මුහුණ දෙන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුදානම් කරයි

Maimoonar

සඳුදා සිට පාරේ යන්න දෙන්නේ හැඳුනුම්පතේ අවසන් ඉල්ලකම අනුවයි – දිනයට අදාළ අංක මෙන්න

Maimoonar