31.7 C
Colombo
September 10, 2026
NewsPolitical

රාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්

ජාතික ජන බලවේග ආණ්ඩුවට රාජපක්ෂ කෙනෙකු නැතිව එදිනෙදා රාජ්‍ය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“රාජපක්ෂ කෙනෙක් නැතුව මේ ආණ්ඩුවට එදිනෙදා රාජ්‍ය පාලනය කරගන්නට බැරි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නෙ.ඒ නිසා අපිත් බලන් ඉන්නවා. එක පැත්තකින් ආණ්ඩුවේ නොහැකියාව.

ආණ්ඩුව අදටත් හිතනවා, අනුර කුමාර ජනාධිපතිතුමා පෞද්ගලිකවත් හිතනවා මහින්ද රාජපක්ෂ තමයි බ්‍රෑන්ඩ් එක, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටේ තමයි මේ රටේ ග්‍රාමීය දේශපාලනය ගොඩනැගිල තියෙන්නේ කියලා.

ඒ ග්‍රාමීය දේශපාලනය ගොඩනැගිලා තියෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ චරිතය ඝාතනය කිරීම තුළ පමණයි, මොවුන්ට දේශපාලනය යැපෙන්න පුළුවන් කියලා හිතනවා. මම විශ්වාස කරනවා මහින්ද මහත්තයාගේ රෙකෝඩ් එක කඩන්න අමාරුයි කියලා.

ගිනි ගත්තු අය ගැන කියනවා, එතකොට ගිනි තියපු අය, ගිනි ගත්ත අයට වන්දි තියන්න සිද්ද වුනේ ගිනි තියපු නිසානේ. ගිනි තියපු අය ඇවිල්ලා ගිනි ගත්ත අයගේ වන්දි ගැන කතා කරනවා. මේකේ වන්දිය වැඩි කියන අය විජේරාම නිවසේ ඇස්තමේන්තු කරන්න කියපු තක්සේරු දෙපාර්තමේන්තුවෙන්ම තමයි යන්න ඇත්තේ. ඒකේ වන්දිය හරි කියනවා, මේකේ වන්දිය වැඩි කියනවා”

Related posts

සියළුම පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායායාම කරන්නැයි නියෝගයක්..

Maimoonar

මාර්ග බාධකයක් අසළදී අණ නොතකා ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබයි

Maimoonar

ජවිපෙ හා පෙරටුගාමී සිසුන් දෙපිරිසක් ගහ මරාගනිති…

Maimoonar