Local News News

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර ඇත.

හින්දු කෝවිලේ පෙරහැර අවසන් වි අලියා විවේක ගැනීම සදහා කෝවිලේ පසක ගැට ගසා තිබියදි තරුණයෙකු අලියාට කෑම දීමට උත්සහ කරන අවස්ථාවේ එක්වරම අලියා තරුණයාට පහර දී ඇත.

අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බවත්, තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවයි පෙරහැර සංවිධායක කමිටුවේ නිළධාරියෙකු කියා සිටියේ.

ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටි නිසා පහර කෑමට ලක් වු තරුණයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..

Shiran Viraj

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමතක නොවන ජයක් හිමි කරගනී

Shiran Viraj