Local NewsNews

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර ඇත.

හින්දු කෝවිලේ පෙරහැර අවසන් වි අලියා විවේක ගැනීම සදහා කෝවිලේ පසක ගැට ගසා තිබියදි තරුණයෙකු අලියාට කෑම දීමට උත්සහ කරන අවස්ථාවේ එක්වරම අලියා තරුණයාට පහර දී ඇත.

අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බවත්, තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවයි පෙරහැර සංවිධායක කමිටුවේ නිළධාරියෙකු කියා සිටියේ.

ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටි නිසා පහර කෑමට ලක් වු තරුණයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි

Maimoonar

උමාරාට වැඩ වරදී.. ‘මහතා’ට විරුද්දව නීතිය

Maimoonar

ගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..

Maimoonar