Local News News

ගාස්තු අඩු කිරීමෙන් විදුලිය අර්බුදයක..

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමගම විදුලිබල මණ්ඩලය සෑම විදුලි ඒකකින්ම පාඩු ලබන බව ලංකා විදුලි පොදු සේවක සංඝමය සඳහන් කරයි.

එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා පෙන්වා මෙම සංශෝධනයත් සමගින්ම අවම රුපියල් පහක මුදලක් සෑම විදුලි ඒකකයෙක්ම මණ්ඩලයට පාඩු ලැබීමට නියමිතව ඇති බවය.

මේ හරහා විදුලි ලංකා විදුලිබල මණ්ඩලය බරපතල මුල්‍ය අර්බුදයකට ලක්වීමේ අවධානමක් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

ඒ හරහා නැවතත් වක්‍රාකාරයෙන් ජනතාව මත පැටවෙනු ඇති බවද ඔහු අවධාරණය කරයි.

දැනට විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් තිහක් වන බවත් නව විදුලි ගාස්තු සංශෝධනය සමගින් විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 25 ක් කට වඩා අඩුවන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…

Shiran Viraj

කොරෝනා තවත් නගී.. අලුතින් 61ක්..

Shiran Viraj

මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Shiran Viraj

Leave a Comment