28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..

සමගි ජන බලවේගය විසින් තවත් දේශපාලන පක්ෂ කිහිපයක සහාය ඇතිව නව ආණ්ඩුවක් පිහිටීමේ සැලසුම් කර සිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය දරමින් තවත් පක්ෂ කීපයක එකඟතාවය මත ආණ්ඩුවක් පිහිටුවීමේ ස්ථාවරයක සිටින බව අබේසිංහ මහතා සඳහන් කළේය.

එම ආණ්ඩුව පිහිටුවීමේදී සඳහා වන කොන්දේසියක් ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන කාලරාමුවක් ඉදිරිපත් කළ යුතුව ඇති බවයි.

රටේ පවතින අර්බුදකාරී තත්වය විසඳීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනතාව පවසන අතර අග්‍රාමාත්‍ය ධුරය දරන්නෙත් ජනතාව විසින් දැනටමත් ප්‍රතික්ෂේප කළ අයෙකු බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

බාල ඖෂධ නිසා රෝගීන් මියයද්දී ඉන්දියාව සමඟ ඇති කරගත් ඖෂධ ගිවිසුම මාරාන්තිකයි – උදය ගම්මන්පිල

Maimoonar

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

Maimoonar

ඉන්දියාවට මොනව හරි දෙන්න ඕනෙම නම්; පාර්ලිමේන්තුව, අරලියගහ මන්දිරය දෙන්න. නැගෙනහිර පර්යන්තය ඉතුරු කරන්න!!!

Maimoonar

1 comment

Comments are closed.