27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

අගමැති මහින්ද සියළු උත්සව අවස්ථාවන්ට සහභාගී වීම අතහරී…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කෙටි කාලයක් සඳහා සියලුම උත්සව වලින් ඉවත් වීමට සිදුවී තිබේ.

ඒ මහතාට ලබා දී ඇති වෛද්‍ය උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ උත්සව රැසක් ඊයේ සහ අද දිනයේ පැවැත්වුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙනි.

අග්‍රාමාත්‍යවරයා විසින් අත්සන් කිරීමට දින යොදා තිබූ මංගල උත්සවයකට ද අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සහභාගී වූයේ නාමල් රාජපක්ෂ මහතායි.

අග්‍රාමාත්‍යවරයාට සැත්කම කොළඹ නවලෝක රෝහලේදී සැත්කමක් සිදුකර ඇති බවට මාධ්‍ය වාර්තා කරන ලද අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කළේය.

නමුත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි.

Related posts

විදුලි ගාස්තු විශාල වැඩි කිරීමක්..

Maimoonar

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…

Maimoonar

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

Maimoonar