29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

දුම්රයක ගැටී ගවයින් 10 ක් මරුට…

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ දුම්රියකට ගව රංචුවක් ගැටීම හේතුවෙන් ගවයින් 10 ක් පමණ ඊයේ දින මිය ගොස් ඇතැයි ගවයින්ගේ හිමිකරුවන් පවසා සිටියහ.

යාපනය දෙසට ධාවනය වු අදාල දුම්රිය පරික්ෂණ දුම්රියක් වන අතර දුම්රිය ධාවනය වන අවස්ථාවේදී ගව රංචුවක් දුම්රිය ගමන් මාර්ගයේ සිටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී දුම්රියේ ගැටුනු ගවයින් 10 ක් පමණ මිය ගොස් 05 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර අනතුරින් පසුව ගවයින්ගේ හිමිකරුවන් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ මිය ගිය සහ තුවාල ලැබූ ගවයින් රැගෙනයාමට කටයුතු කරන ලදි.

ගෙවුනු කාලසීමාවේදී උතුරු දුම්රිය මාර්ගයේදී ගවයින් විශාල ප්‍රමාණයක් දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

මං ජනාධිපති කලොත් වාහන මිල 80%කින් අඩු කරනවා…

Maimoonar

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135 ක් අධි අවදානම්

Maimoonar

තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී..

Maimoonar

8 comments

Comments are closed.