Local NewsNews

කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

කොළඹ නගර සීමාව සමහර ප්‍රදේශ නැවතත් හුදකලා කිරීමේ අවදානමක් මතුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ජනතාව සෞඛ්‍යය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේය.

ජනතාවගේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දැනටමත් සිවිල් ඇඳුමින් යුතු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද ඔහු පැවසීය.

ජනතාවගේ හැසිරීම නිසා නැවතත් කොරෝනා ආසාදිත පොකුරු හා අනු පොකුරු ඇතිවීමේ අවදානමක් මතු වී ඇතැයිද ඔහු පවසයි.

මේ හේතුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන්නැයි කොළඹ නාගරිකයන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

Related posts

මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මික

Maimoonar

ප‍්‍රසිද්ද දූවරුන්ගේ තවත් වීඩියෝවක් එලියට.. කීර්තියට හානියක් කියා සුජීවා පොලිසි යයි.. තරහට කරන ඒවාලු..

Maimoonar

ඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..

Maimoonar

1 comment

Comments are closed.