32.2 C
Colombo
October 1, 2026
International NewsNews

එංගලන්ත ටෙස්ට් තරගාවලියට ශී‍්‍ර ලංකා සංචිතය නම් කෙරේ – කුසල් මෙන්ඩිස්ට යළි අවස්ථාවක්

 සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා සංචිතයට නම්කර තිබෙනවා.   දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කී‍්‍රඩකයින් 22 දෙනෙකුගෙන් යුත් එම සංචිතයට කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනුමැතිය හිමි වූ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරග සංචාරයට එක් වූ ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, ලක්ෂාන් සදකැන්, නුවන් ප‍්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියට කැදවා තිබෙනවා.

නිමා වූ දකුණු අප‍්‍රිකා සංචාරයේ දී දක්ෂතා අතරට පැමිණිමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් ද මෙම සංචිතයට ඇතුළත්. ආබාධවලට ලක්ව සිටි   ඕෂද ප‍්‍රනාන්දු, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ද එංගලන්ත තරගාවලියේ දී සිය ස්ථානය තහවුරු කර ගෙන සිටිනවා.

කෙසේ වෙතත්, ධනංජය ද සිල්වාට සහ කසුන් රාජිතට ආබාධ තත්ත්වයන් හේතුවෙන් සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා. දකුණු අප‍්‍රිකා ටෙස්ට් තරග සංචාරය  සදහා නම්කර සිටි සන්තුෂ් ගුණතිලක සහ දිල්ෂාන් මධුෂංක යන කි‍්‍රකට් කී‍්‍රඩකයින් දෙදෙනා ද මෙම සංචිතය සදහා ඇතුළත්ව නැහැ. ශී‍්‍ර ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල කී‍්‍රඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිතයි.

Related posts

නවතා ඇති වාහනවල ඉන්ධන සොරකම් කරයි..

Maimoonar

රෝහල් ගතවන රෝගියෙකුට විකල්ප දෙකයි.. එක්කෝ නැවත ගෙදරට.. නැතිනම් මල් ශාලාවට…

Maimoonar

රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ..

Maimoonar

14 comments

Comments are closed.