28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි.. නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී..

සමගි ජන බලවේග සාමාජිකත්වය අහෝසි කිරීමට කිරීමට එරෙහිව හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ගොනු කර ඇති පෙත්සම් 12 වන දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කරනු ලද්දේ මෙවන් පෙත්සමන් ගොනු කළ දින සිට මාස දෙකක කාලයක් තුළ විභාගයට ගෙන අවසන් කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් ව ඇතැයි වගඋත්තරකාර සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස හා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලමිනි.

සාධාරණ පරීක්ෂණයෙන් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මහත්වරුන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මේ ආකාරයේම පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය මුස්ලිම් කොංග්‍රසය විසින් අත්හිටුවීම නීත්‍යානුකූල බවයි.

ඒ අනුව ඔහුගේ අමාත්‍ය ධුරය හා මන්ත්‍රීධුර යන දෙකම එකවර අහෝසි වී ගියේය.

එම ආසන්න පූර්වාදර්ශය ද සමග මෙම පෙත්සම විභාගයට ගැනෙන හෙයින් මනුෂ්‍ය නානායක්කාර හා හරින් ප්‍රන්නදු අමාත්‍යවරුන් දෙදෙනාම ඒ හා සමානම අවදානමකට මුහුණ පා සිටී.

Related posts

කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…

Maimoonar

FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…

Maimoonar

අනුර ජනාධිපති වුනාම හිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් ඉවත් කර දරුවන්ට බාර දෙන උත්සවයක් තියනවා..

Maimoonar