Local NewsNews

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 649ක් වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සඳහන් කර සිටිනවා.

අද වාර්තා වූ ආසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට අයත් 451ක්, බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 197 දෙනෙකු සහ ඊට අමතරව විදේශගතව සිට පැමිණි අයෙකු ද ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

අද දිනය වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 27,877ක් වාර්තා වී තිබෙන අතර ඉන් සුවය ලද සංඛ්‍යාව 20,460ක් වනවා . රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,280ක්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 24,322ක් වනවා.

newswire

Related posts

ගුරු වර්ජනය දිනයි.. දීමනා ඉහලට…

Maimoonar

මං ජනාධිපති වීම ෂුවර්.. රනිල් සමග එක් වෙන්නේම නෑ..- සජිත්

Maimoonar

ලංකාවේ උද්ධමනය 128%යි.. වෙනිසියුලාව, ලෙබනන පසු කරයි.. දෙවැනි සිම්බාවේට පමණයි..- හැන්කේ වාර්තාව මෙන්න…

Maimoonar