International NewsNews

අත්ලාන්තික් සාගරයේ සුළි කුණාටු 05ක්

අත්ලාන්තික් සාගරයේ එකවර නිවර්තන සුළි කුණාටු 05 ක් හටගෙන තිබෙනවා. මෙලෙස එකවර සක‍්‍රීය නිවර්තන සුළි කුණාටු 05 ක් අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇත්තේ ලොව දෙවන වරටයි. මීට පෙර එවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ 1971 වසරේ පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙවර අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇති සුළි කුණාටු පුලෙට්, සැලී, ටෙඞී විකී සහ රෙනේ ලෙස නම් කර තිබෙනවා. බර්මියුඩා ති‍්‍රකෝණය ආසන්න කලාපයේ හටගෙන ඇති පුලෙට් සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයකට, බහමාස් සහ ලීවර්ඞ් දුපත්වලට බලපෑම් එල්ල වනු ඇති බවටයි කාලගුණ අනාවැකි පළව ඇත්තේ.

සැලී සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් අමෙරිකාවේ ඇලබාමා සහ මිසිසිපි ප‍්‍රාන්තවලට මේ වනවිට හදිසි තත්ත්වයන් ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආණ්ඩුකාර බිරිදක් රජයේ ඉඩමක් ඉල්ලා ප‍්‍රා.ලේ.ට තර්ජන.. ඡන්දෙන් පස්සෙ බලාගන්නම්ලු..

Maimoonar

කොවිඩ් මල සිරුරූ භූමදානය ගැන අවසන් තීරණය ගන්නේ විශේෂඥ කමිටුවයි – රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි

Maimoonar

ජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..

Maimoonar

1 comment

Comments are closed.