28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..

 ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය මේ දක්වා සමාජ ව්‍යාප්තියක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සිදුකරන PCR පරීක්ෂණ වලින් 5% ක ප්‍රතිශතය ඉක්මවා රෝගීන් වාර්තා වූවොත් එය සමාජ පැතිරීමක් ලෙස හඳුන්වන බව ඔහු පවසයි.

නමුත් දැනට සිදුකරන PCR පරීක්ෂණවලින් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම 3.5%-4% බවද ඔහු පැවසීය.

ඒ අනුව මෙරට කොරෝනා සමාජය ව්‍යාප්තිය යන නිර්වචනය අනුව 1% කින් පමණ මෙපිට ඇතැයිද ඔහු සඳහන් කළේය.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගනිමින් තවදුරටත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය කාර්යය මඬලට හැකිව ඇති බවද පවසන ඔහු ජනතාව මෙතෙක් ලබා දුන් සහාය තවදුරටත් අපේක්ෂා කරන බවද කියා සිටියේය.

Related posts

කොරෝනා රෝගීන් රෝහල්වල පිරී ඉතිරේ.. ආසාදිතයන් නිවසේ සිට ප‍්‍රතිකාර ක‍්‍රමයකට යෝජනා.. වෛද්‍ය උපදෙස් දුරකතනයෙන්..

Maimoonar

වැව් 48ක් රක්ෂිත කිරීමට සැලසුම් – “සුදු අරලියා” හෝටලය ඉවත් වන්නේද යන්න තහවුරු කළ නොහැක

Maimoonar

GMOA වර්ජනය අත්හිටුවයි..

Maimoonar