31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

රුසියානු විශ්ව විද්‍යාල තුනක් අනුමත ලැයිස්තුවෙන් ඉවත් වුණේ අත්වැරදීමකින් – වෛද්‍ය සභාවේ සභාපති

වසර 60ක් තිස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව ගණනාවක් ලබාදුන් සුප්‍රසිද්ධ ලුමුම්බා විශ්ව විද්‍යාලය ඇතුළු රුසියානු විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෙබ් අඩවියෙහි අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම අත්වැරදීමකින් සිදුවූ දෙයක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති, මහාචාර්ය හරේන්ද ද සිල්වා මහතා පවසයි.

“කමිටිියෙන් තමයි ඒක බලන්නේ. ඒක මේ පාර බලනකොට රිපෝර්ට් වුණා විශ්වවිද්‍යාල තුනක නෙවෙයි හතක. එතැනදී ඒ රිපෝර්ට් අපි බැලුවේ නෑ අර රටෙන්ද? මේ රටෙන්ද? වෙන වෙන ප්‍රශ්න ඇති වෙයිද නැද්ද කියලා බැලුවේ නෑ. අර රිපෝර්ට් එක අනුවයි තීරණයක් ගත්තේ. ඊට පස්සේ ඒක එහෙම නිකම් අයින් කරන්ඩත් බෑ. කමිටිියෙන් තීරණය කරන්න ඕනේ. කමිටියෙන් තීරණය කරලා ඒක නැවත සම්මත වෙන්න ඕනේ ඊට පස්සේ මීටිමෙන්. ඊට පස්සේ කවුන්සිල් මීටින් එකට දාලා ඒකත් සම්මත වෙන්න ඕනේ. දැන් ඊට පස්සේ ඇත්තටම විය යුතු දේ තමයි ඇමතිතුමියට ඒක යවන්න ඕනේ. අන්තිම තීරණය ඇමතිතුමියගේ තමයි තියෙන්නේ.

දැන් මෙතෙන වුණේ අපි වැඩ කරන ඒ කියන්නේ කවුන්සිල් එකේ එක්කෙනෙක් නෙවෙයි. යම් කෙනෙක් එයාට වැරදීමකින් එයා හිතලා තියෙනවා දැන් මේක අයින් කෙරුවා හරි කියලා වෙබ් සයිට් එකෙන් නම් ටික අයින් කෙරුවා. එතකොට ඒ අයින් කරලා මේවා කරලා තියෙනවා. දැන් ඕක අපිට දැන ගත්ත නිසා දැන් නැවත වරක් නැවත වරක් මීටිමක් රැස් වෙන්න ඕනේ. රැස් වෙලා අපිට තීරණය කරන්න ඕනේ නම් ටික නැවත වරක් දාලා ඒ කරපු අසෙස්මන්ට් එක නැවත වරක් ආයෙමත් බලන්ඩ කියලා, සලකා බලන්ඩ කියලා මේක සුදුසුද නැද්ද කියලා. වැරදීමක් වෙලා තියෙන්නේ වෙබ් සයිට් එකෙන් නම අයින් කරපු එක.” යනුවෙනුයි ඒ මහතා නිව්ස් ෆස්ට් වෙත සඳහන් කර තිබුණේ.

රුසියානු මහජන මිත්‍රත්ව විශ්ව විද්‍යාලය (පැට්‍රිස් ලුමුම්බා), පිරොගොව්ෆ් ජාතික පර්යේෂණ වෛද්‍ය විශ්වවිද්‍යාලය සහ ට්වෙර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය යන විශ්ව විද්‍යාල මෙසේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්ව තිබුණේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් පිහිටි එම විශ්ව විද්‍යාල කිසිදු හේතු දැක්වීමකින් තොරව ඉවත් කරන අතරේම ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉතාම පහළින් පිහිටි, අඩු පහසුකම්වලින් යුත් ඉන්දීය සහ නේපාල විශ්ව විද්‍යාලවලට අනුමැතිය ලබාදී තිබුණු නිසාය.

හේතු දැක්වීමකින් තොරව මෙම විශ්ව විද්‍යාල අනුමත ලැයිස්තුවෙන් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ද සිය කණස්සල්ල පළකර තිබිණි. වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඉහත කරුණු දැක්වීම සිදු කරන්නේ එවන් පසුබිමකදීය.

lanka lead news

Related posts

යෝජිත ගෙවල්කුළි පනතින් නීතිය විකෘති වන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් අනතුරු ඇඟවීමක්

Maimoonar

සහනාධාර මලු විකිණීම ගැන පරීක්ෂණ අරඹයි: කොළඹ ආසන්නයේ සිද්ධීන් රැසක් වාර්තා වෙයි

Maimoonar

ඊසාන දිග මෝසම් පෙර සූදානම: උතුරු පළාතට සාමාන්‍යයට වඩා වැඩි වැසි; නාය යෑමේ අවදානම ඉහළට

Maimoonar

105 comments

Comments are closed.