Local NewsNews

ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සදහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා දී ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව හා සහන කාලය තුළ නොගෙවෙන ලද මුදල් සදහා ගාස්තු රහිත ව මෙම සහනය සැලසීමට රජය තීරණය කර තිබේ. කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ සදහා හිමි ව ඇත. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ව්‍යාපාරික ස්ථානවල ජල හා විදුලි බිල්පත් ගෙවීම සදහා ද සහන සලසා ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා වු විදුලි හා ජල බිල්පත් සැප්තැම්බර් මාසයේ සිට සමාන වාරික 12කින් ගෙවීමට ඉඩකඩ සලසා තිබේ. ඒ පිළිබද ව රජය දැනටමත් විදුලිබල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කර තිබේ.

මේ අතර සංචාරක මගපෙන්වන්නට හා රියදුරන්ට සහන සැලසීමේ වැඩ සටහන සදහා මේ වන විට අයදුම්පත 2500 පමණ ලැබි ඇත. කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක මාර්ගෝපදේශකයන්ට රු 20,000ක මුදලකුත් රියදුරන්ට රු.15,000 ක මුදලකුත් ලබා දීමට නියමිතය. ඉදිරි සතිය වන විට ඒම ගෙවීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිතය.

මේ අතර යුරෝපා සංගමය  කොවිඩ් 19 හේතුවෙන් බිද වැටුණු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක ප්‍රදානයක් ලබා දීමට නියමිතය. ඒ සදහා අදාළ යෝජනා මේ වන විටත් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කර තිබෙන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Maimoonar

කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂ

Maimoonar

පෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…

Maimoonar

480 comments

Comments are closed.