28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

රනිල් – සජිත් පිල එකතු කරන්න තිස්සගෙන් කපුකමක්

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීම සඳහා සජිත්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත්වයට නම යෝජනා වී සිටින කරු ජයසූරිය මහතාද හමුවී ඇතැයි සඳහන් වේ.

මෙම සාකච්ඡා දෙක නිල නොවන ආකාරයෙන් පවත්වා ඇති අතර එහෙත් සාධනීය පිළිතුරක් එම සාකච්ඡා දෙකෙන්ම නොලැබුණු බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් වැඩි දෙනෙකුගේ ඉල්ලීම නිසාම පක්ෂ දෙක එක් කිරීමේ කාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් ස්වකැමැත්තෙන් බාරගෙන ඇතැයි දැනගන්නට ඇත.

lanka lead news

Related posts

දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…

Maimoonar

ගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවට

Maimoonar

ජලය හිගයි.. විදුලිය ඉන්ධනවලින්.. වියදම පාරිභෝගිකයන්ගෙන්…

Maimoonar

1 comment

Comments are closed.