Local NewsNews

සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයි

ඉකුත් ජූනි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවුණු සියලූ රැඳවූවන් PCR පරීක්ෂණ සඳහා යොමුකර ඔවුන් වෙනම රඳවා තබන්නැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර අධිකාරීවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, එම බන්ධනාගාරයේ රැඳවූවෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (07) තහවුරු වීමත් සමගයි.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ එහි නිලධාරීන් පිරිසකට අදත් PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

බන්ධනාගාර රෝහලේදී එම පරීක්ෂණ සිදුකෙරෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

තවද, සියලු බන්ධනාගාරවල රඳවා ඇති රැඳවූවන් බැලීම අමුත්තන් සදහා තාවකාලිකව අත්හිටුවීමටද මේ වන විට පියවර ගෙන තිබෙනවා.

ඊයේ දිනයේදී ද, වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවූවන් සහ නිලධාරීන් පිරිසකට PCR පරීක්ෂණ සිදුකළා. එම පරීක්ෂණය සඳහා පෙනී සිටි රැඳවියන් සහ නිලධාරීන් 210 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනා ගැනුණු වැලිකඩ බන්ධනාගාර රැඳවියා පුනරුත්තාපනය වෙමින් සිටි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින සියලූදෙනා ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවයි යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2081 ක්. ඉන් ආසාදිතයින් 1955 දෙනෙකු මේ වනවිටත් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 115 දෙනෙකු පමණයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රිය අනතුරක්.. 12ක් රෝහලේ…

Maimoonar

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

Maimoonar

සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..

Maimoonar

1 comment

Comments are closed.