32.2 C
Colombo
October 1, 2026
International NewsNews

ට්‍රම්ප්ගෙන් තද තීරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ අරමුදල් සපයන්නා වූ අමෙරිකාව සංවිධානයෙන් ඉවත් වේ

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ඒ බව දැනුම් දී ඇති බවයි. එසේම තමන් මේ සම්බන්ධයෙන් කොංග‍්‍රස් මණ්ඩලයට ද දැනුම් දී ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ.

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනයට පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බවට අමෙරිකාව අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල කළා.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අරමුදල් ද කප්පාදු කරන බවටයි අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට තර්ජනාත්මකව දැනුම් දුන්නේ. කෙසේවෙතත්, අමෙරිකාව එල්ල කරන සියලූ චෝදනා ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රතික්ෂේප කළා.

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ තීරණයට අනුගතවෙමින් අමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන්නේ නම් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා වසරක පමණ කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව අමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී ඇතැයි එම සංවිධානයේ මහ ලේකම්වරයාගේ ප‍්‍රකාශකයෙකු තහවුරු කළා.

එම ඉවත්වීම 2021 වසරේ ජූලි මස 06 වනදා සිට බලපැවැත්වෙන බව ද අමෙරිකාව දැනුම් දී ඇතැයි ඔහු සඳහන් කර තිබුණා.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සතු විශාලතම අරමුදල් සම්පාදකයා වන්නේ ද අමෙරිකාවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තිත්තගල්ලේ හිමි ජයටම ගත් බ්ර්ත්ඩේ පාටිය වාර්තා කල මාධ්‍යවේදියෙකුට සුමධුර බැණ වැදිල්ලක..

Maimoonar

මහ මැතිවරණය අගෝස්තු මාසයට යනු ඇති බවට වාර්තා

Maimoonar

කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක…

Maimoonar

82 comments

Comments are closed.