29.5 C
Colombo
August 20, 2026
BusinessBusiness NewsLocal NewsNews

සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක්; හෝටල් සහ නිවාඩු නිකේතන පිරී යයි

සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ සිටින බව නුවරඑළිය සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා පවසයි. මෙම තත්ත්වය හමුවේ නුවරඑළිය නගරයේ පිහිටි සියලුම ප්‍රධාන සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල කාමර මේ වන විටත් වෙන් කර අවසන් බව ඔහු සඳහන් කළේය.

නුවරඑළියට පැමිණ සිටින සංචාරකයන් ග්‍රෙගරි වැව පරිශ්‍රය ඇතුළු නගරය අවට පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන නැරඹීමට විශාල වශයෙන් එක්ව සිටින බව ද සභාපතිවරයා කියා සිටියේය. පවතින උත්සව සහ නිවාඩු සමයත් සමඟ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට මෙය ඉතා යහපත් ආර්ථික අවස්ථාවක් වී තිබේ.

Related posts

රජය පාසල් 3000ක් විකුණා දැමීමට සූදානම් වන බවට ජාතික ගුරු ව්‍යාපාරයෙන් චෝදනාවක්

Maimoonar

ඇමතිට දුන් කාලය අවසන්.. සෞඛ්‍ය වැඩ වර්ජනයක් කැදවයි…

Maimoonar

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

Maimoonar