28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

අම්බලන්ගොඩ සිංගර් ප්‍රදර්ශනාගාරයේ වෙඩි තැබීමකින් කළමනාකරු ජීවිතක්ෂයට

අද පෙරවරුවේ අම්බලන්ගොඩ ගාලු පාරේ පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීමකින් එහි කළමනාකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි. ඔහු ආයතනයේ සේවය සඳහා පැමිණ සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබේ.

මියගොස් ඇති පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් අම්බලන්ගොඩ නගර සභාව සඳහා තරඟ කළ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කර ඇත. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

වනිදුගේ පන්දුවෙන් ශම්මි දැවී යයි.. වනිදුගෙන් ප‍්‍රකාශයක්..

Maimoonar

ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හරිනවා..- ක‍්‍රිඩා ඇමති

Maimoonar

ආර්ථිකයේ ප්‍රතිලාභ පොදු ජනතාව වෙත ගලා යන යුගයක් උදා කරන බව ජනාධිපතිවරයා පවසයි

Maimoonar