27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

වෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…

වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

වෙළද පොල නිරීක්ෂණය කරන විට පොලිතින් සහ ප්ලාස්ටික් වලින් සමන්විත විවිධාකාර වෙසක් සැරසිලි මේ දිනවල දැකගත හැකිය.

ඒබැවින් එවැනි නොදිරන ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැලකී පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිතා කරන ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උස්සව අවස්තා සඳහා එවැනි ද්‍රව්‍ය භාවිතා කිරීම මේවනවිට නීතියෙන් තහනම් කර තිබේ.

ඒ අනුව එවැනි ද්‍රව්‍ය භාවිතා කිරීම නීතියෙන් දඬුවම් ලැබීය හැකි වරදක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

– නාගොඩ සුමන උදයන්ත.

Related posts

වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…

Maimoonar

පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….

Maimoonar

ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශය ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අදහස් දක්වයි

Maimoonar