Local NewsNews

කාලගුණ අනතුරු ඇඟවීම: දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය ඉහළට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උණුසුම් දර්ශක අවවාදාත්මක නිවේදනයකට අනුව, අද (අගෝස්තු 1) දින උතුරු, නැගෙනහිර, සහ උතුරු-මැද පළාත්වල සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ යාමක් අපේක්ෂා කෙරේ.

උෂ්ණත්වය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය මත පදනම්ව ගණනය කරන මෙම උණුසුම් දර්ශකය, එම ප්‍රදේශවල ‘අවවාදාත්මක මට්ටමට’ ළඟා වනු ඇතැයි ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හමුවේ මහජනතාව සඳහා ආරක්ෂිත උපදෙස් මාලාවක් නිකුත් කර ඇත:

  • රැකියාවේදී: නිරන්තරයෙන් ජලය පානය කර සෙවන සහිත ස්ථානවල නිතර විවේක ගන්න.
  • නිවසේදී: වැඩිහිටියන් හා රෝගී පුද්ගලයන්ගේ තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින්න.
  • වාහන තුළ: දරුවන් කිසිවිටෙකත් තනි නොකරන්න.
  • එළිමහනේදී: අධික වෙහෙසකර ක්‍රියාකාරකම්වලින් වළකින්න.
  • ඇඳුම්: සිරුරට ලිහිල් ඇඳුම් මෙන්ම සැහැල්ලු වර්ණවලින් යුත් ඇඳුම් භාවිත කරන්න.

Related posts

මිල අඩුම Lite Ace.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

Maimoonar

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Maimoonar

ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Maimoonar