28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල වන දත්ත හදිසියේ අතුරුදහන් වීම පිටුපස පසුගිය රජයට සම්බන්ධ දේශපාලනඥක් සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු සිටින බවට බරපතල සැකයක් මතුව ඇත.

පසුගිය රජය සමයේ මෙම දේශපාලනඥයා සම්බන්ධ වූ බවට සැලකෙන ඖෂධ වංචා කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ඇරඹීමත් සමග ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල දත්ත ගබඩාව මැකීයාම පිටුපස අබිරහසක් ඇති බව අධිකාරියේ ඉහල නිලධාරියෙක් පැවසීය.

2015-19 රජයේ ආයතනවල සිදු වූ වංචා විමර්ශනය පිලිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හෙළි කර ඇත්තේ “ට්‍රට්සුසුමැබ්” නම් පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධය වංචනිකව ගෙන්වීම මගන් පමණක් රජයට රු මිලියන 850 ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි.

2018 වර්ෂයේදී මෙම දත්ත ගබඩාව පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගමකට ටෙන්ඩර් කැඳවා භාර දී තිබූ අතර එකී පෞද්ලිගලික සමාගමේ පරිගණක තාක්ෂණ ශිල්පියකු මෙම දත්ත ගබඩාව මකා දමා ඇති බව මේ වනවිට හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

– repoter

Related posts

උගන්ඩා, ෂීශෙල්ස් සැගවූ ධනය ගෙනත් අපි හොරු කියා ඔප්පු කරන්න.. නැතොත් අප නිදොස් කරන්න..

Maimoonar

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනි

Maimoonar

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..

Maimoonar

2 comments

Comments are closed.