28.9 C
Colombo
September 10, 2026
International NewsLocal NewsNews

ඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි..

ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ඇති බදු පිලිබද තීරණයන් මෙරට ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑම් කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

තවම එම බලපෑම ඇති වී නැතත් එසේ බලපෑම් සිදුවීමේ අනතුරක ශ්‍රී ලංකාව සිටින බවද හෙතෙම කියා සිටියි.

එනිසා සාකච්ඡා මාර්ගයෙන් යම් සහනශීලි වැඩපිළිවෙළකට එමට උපරිම උත්සාහ දරන බවද ඒ මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු භාණ්ඩ සඳහා වන බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් බවට දැනටමත් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත තමන් විසින් ලිඛිතව ඒ බව දැනුම් දුන් බවද හෙතෙම පැවසීය.

ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියෝජිත කණ්ඩායමක් එරට බලා යැවීමට සූදානම් බවද ඔහු පැවසුවේය.

ජාතික ජන බලවේගය විසින් කොට්ටාවේදී සංවිධානය කරන ලද ජන රැළියක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

Related posts

දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් 2026 ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේ

Maimoonar

රට පුරා සෞභාග්‍යා ගම්මාන පිහිටුවයි..

Maimoonar

පඩි ඉල්ලා විරෝධතා කල ගුරු දෙවිවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..

Maimoonar