31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමති

රජය නීතිපති ඉවත් කිරීමේ කැබිනට් තීන්දුවක් මේ දක්වා ගෙන නැතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සති අන්ත පුවත්පතක් වෙත පවසා ඇත.

එය අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාට ද තීන්දු කළ නොහැකි බව ද අමාත්‍යවරයා කියයි.

නීතිපතිවරයාට මේ වන විට එල්ල වී ඇති චෝදනා පිළිබඳ ඔහු කල්පනා කර ඔහුගේ කැමැත්ත අනුව මහජන ප්‍රකාශන කළහොත් එම චෝදනාවල දෙපැත්තම පුරවැසියෝ ලෙස රටම දැනගත හැකි බව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

‘නීතිපති ඉවත් කරන්න කැබිනට තීන්දුවක් ආණ්ඩුව මේ දක්වා අරන් නෑ. මම තීන්දු කරලත් නෑ. මම තනියෙන් තීන්දු කරන්නෙත් නැහැනේ.

අපි බලමු නීතිපති අප්‍රසාදයට පත් වෙන්න හේතු මොනවද කියලා. හේතුව තමයි දැන් ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍යවල තොරතුරු වැටෙනවා. මුලින්ම කියන්න ඕනෑ

අපි භාෂණ නිදහසට ගරු කරනවා. නමුත් ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ කතාව තමයි එළියට දාන්නේ. නමුත් එක තව පැත්තක් තියෙනවා.

හේතුව නීතිපතිගෙ පැත්ත එළියට එන්නේ නෑ. අවුරුදු 200ක විතර නීතිපතිගේ සම්ප්‍රදායක් තියනවා. ඒ තමයි නීතිපති මහජන ප්‍රකාශයක් නිකුත් කරන්නෙ නෑ. ඒ ගොල්ලො දේශපාලනය කරන්නෙ නෑ. ඒ ගොල්ලො උත්තර බඳින්නෙ පාර්ලිමේන්තුවට විතරයි.

මම හිතනවා නීතිපතිට විරුද්ධව විවිධ කතා එනකොට සිද්ධි සම්බන්ධයෙන් ඔහු මහජන ප්‍රකාශයක් කළා නම් අපේ රටේ පුරවැසියන් සාධාරණයි. හොඳ මිනිස්සු. ඒ මිනිස්සුන්ට දෙපැත්තම සලකා බලන්න පුළුවන්නේ එහෙ වුණොත්. ඒ ගොල්ලන්ගේ මතයට එන්න පුළුවන් නීතිපති කියන එකද හරි අනිත් අය කියන එකද හරි කියලා. ඉස්සර වගේ නෙවේ.

දැන් සමාජ මාධ්‍ය ප්‍රබලයි. හැබැයි ඒවයෙ යන ඔක්කොම ඇත්තත් නෙවේ. නීතිපති කල්පනා කළා නම් ඔහුගේ කැමැත්ත අනුව මහජන ප්‍රකාශන දෙන්න, එහෙනම් කතාවෙ දෙපැත්තම අපි පුර වැසියො විදිහට දන්නවා.

Related posts

රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි

Maimoonar

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

Maimoonar

ලංකාව ජපානයේ බිලියන තුනක ණය ගෙවීම පැහැර හැරලා.. එනිසා තව ලොකු ණය නෑ..

Maimoonar