28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

රජයේ ගුරුවරුන් තම පන්තියේ සිසුනට ටියුෂන් දීමට තහනමක් නෑ..- අධ්‍යාපන නි. ඇමති

ටියුෂන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම හෝ නියාමනය මේ මොහොතේ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසීය.

එහෙත් ප්‍රාථමික, ද්විතීයික, රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන නියාමන ක්‍රියාවලියක රජය සිටින්නේ යැයි ඔහු සඳහන් කළේ ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පූර්ණ වනවිට ටියුෂන් අවශ්‍යතාව අවම වන හෝ නැති වන තැනකට එනු ඇති බව රජයේ විශ්වාසය කරන බව ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවන්නේ මුදල් හෝ ආර්ථික තත්ත්වය පදනම් නොවී සියලු දෙනාට නිදහස් අධ්‍යාපනයට ඇති ප්‍රවේශය මත පදනම්ව බව ඔහු අවධාරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රජයේ පාසල් ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අය කරගෙන උපකාර පැවැත්වීම තහනම් කිරීමක් ගැන ජාතික ජනබලවේගය කිසිදු අවස්ථාවක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාකච්ඡාවලදී කතා කර නොමැති බව ය.

පළාත් සභා දෙකකින් එවැනි තීරණ ගෙන තිබුණේ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිවෙතට බාහිරව බව ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අතිරේක පංති (ටියුෂන්) සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්දැයි මව්බිම කළ විමසීමට පිළිතුරු දෙමිනි.

පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනුවෙන් ටියුෂන් නියාමනය කළ යුතු බවට මේ වනවිට අධ්‍යාපනඥයන් ඇතුළු විවිධ අභිලාශ කණ්ඩායම් අදහස් දක්වමින් සිටිති.

Related posts

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයි, හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි

Maimoonar

මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරි

Maimoonar

කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක්…? බිලියන ගණනක ජනගහන අඩු කිරිම ඉලක්කය..?

Maimoonar