27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

ප‍්‍රදේශ රැසකින් ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දෙයි..

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගගවට කෝරළය, උඩු දුම්බර, දොලුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, අඩුනුවර, පාතදුම්බර, දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, යටවත්ත, රත්තොට, විල්ගමුව, අඹන්ගග කොරළය, ලග්ගල පල්ලේගම, පල්ලෙපොල, නාඋල, මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ නුවර එලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නායයාම් අවදානම් කලාපවල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක බදුල්ල, ගාල්ල, මාතර, කලුතර, මහනුවර, නුවරඑලිය, මාතලේ, කෑගල්ල, රත්නපුරය සහ කුරුණෑගල යන 10 කට නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත. එසේම පසුගිය පැය විසි හතර තුල වර්ෂාපතනය සලකා බැලීමේ දී ගංවතුර ආපදා මෙන්ම නායයාම්. කන්ඩි කඩාවටීම්, ගස් පෙරලීම් වැනි ආපදා සිදු විය හැකි බැවින් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව තම වටපිටාව තුළ සිදුවන වෙනස්වීම් පිළිබදව අවධානය යොමු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.

එසේම ගංවතුර සහිත ප්‍රදේශවල ජනතාව ගංවතුර සහිත මාර්ග හරහා ගමන්කිරීමේ දී ඉතාමත් සැළකිලිමත් වන ලෙසත් ගංවතුරෙහි සෙල්ලම් කිරීම ගංවතුර සහිත ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා යාමෙන් වළකින ලෙසක් ගංගාවන්හි දිය නෑමට හෝ පිහිනීමට යාමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

ආපදා අවස්ථාවේ දී සෙවීම් සහ මුදවාගැනීම් සහන කණ්ඩායම් සඳහා සහයෝගය දක්වන ලෙසත් යම් තොරතුරක් අවශ්‍ය වන්නේ නම් 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

– DMC

Related posts

ඔබටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..- මුල්ම සුබ පැතුම මහින්දගෙන්

Maimoonar

ආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..

Maimoonar

ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් නම් ජාතිවාදීන් රට ගිනි තියාලා…

Maimoonar