29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

ආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික ස්ථානයන්හි සූර්යය බල පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කරුණූ සාකච්ඡාවක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ඉන්දීය මුල්‍ය ප්‍රදාන ව්‍යාපෘතිය යටතේ ආගමික ස්ථානයන්හි සූර්යයබල විදුලි පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යටතේ සිදු කිරීමට නියමිත සියලු කාර්යයන් හා මතුවිය හැකි ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, මෙම වසර අවසන් වන විට මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කළ හැකි බව ද එහිදී සාකච්ඡා කෙරිණි.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ බිදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදු කෙරිණි.

බුද්ධශාසන අමාත්‍යංශල විදුලි බල අමාත්‍යාංශ, ලංකා විදුලිබල මණ්ඩල සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරිහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුහ.

– Media unit

Related posts

ඉන්දියාවේ සහාය ලබාගෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බලපෑම් කරනවා – විග්නේෂ්වරන් කිළිනොච්චියේදී කියයි

Maimoonar

ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..- සිපෙට්කෝ දැනුම් දේ…

Maimoonar

මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…

Maimoonar