32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

මෙම දිනවල ළමුන් අතර වෛරස් උණ රෝග කිහිපයක් පැතිර යමින් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

ඒ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය ද වන බව පැවසීය.

කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව ,උණ,හිසරදය සහ වමනය යන රෝග ලක්ෂණ ඇත්නම් එය ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය විය හැකිය.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉක්මනින් බෝවන රෝගයක් බව වෛද්‍යවරයා පැවසීය.

ඒ අනුව පාසල්වල,දිවාසුරැකුම් මධ්‍යස්ථාන වල මෙම රෝග ලක්ෂණ ඇති දරුවන් සිටිනම් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

මේ අතර මේ දිනවල දරුවන් අතර අත්පා මුඛ රෝගය පැතිර යමින් තිබේ.

එහිදී කට වටේ හෝ කට ඇතුලේ රතු ළප ඇතිවිය හැකිය.

අත්ලෙ සහ කකුලේ වතුර බිබිලි මතුවිය හැකි බව පැවසීය.

උණ ද දින දෙකක් පැවතිය හැකිය.

පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල එම රෝගය පැතිර යාමේ වැඩි අවධානමක් පවතියි.

ඉන්ෆ්ලුවෙන්සා සහ අත්පා මුඛ රෝගය වැළඳුණු දරුවන් හැකිතාක් ආරක්ෂා කාරීව නිවසේ රඳවා ගැනීම ඉතා වැදගත් බව පැවසීය.

ඩෙංගු රෝගය ද පැතිර යාම වේගවත් වී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Related posts

දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන පනතේ චෝදනා 3කට වරදකරුවේ

Maimoonar

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

Maimoonar

ජනවාරියේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළට

Maimoonar