30.9 C
Colombo
August 11, 2026
Local NewsPolitical

ජනාධිපති කිසිවිටෙක රටේ පාලන බලය රාජපක්ෂලාට දෙන්නෑ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිවිටෙක රටේ පාලන බලය රාජපක්ෂලාට ලබා නොදෙන බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ (19) දින හැටන් ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති මාධ්‍ය හමුවකදිය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ

රනිල් වික්‍රමසිංහ හැමවෙලාවෙම දැන් කියන්නේ හැමෝම භාර ගන්න බැර කියපු වේලාවේ මම තමයි රට භාර ගත්තේ , එහෙම කියපු රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂයට දෙයිද ඉදිරියට එයාලගේ කට්ටිය පත් කරගෙන කරන් යන්න ?

රනිල් වික්‍රමසිංහ දන්නවා මහ මැතිවරණයක් තිබ්බොත් එයාලා පැරදෙනවා කියලා , ඒ නිසා ජනතාව දැන් කල්පනා කල යුතුයි මේ ප්‍රභුවාදය ඉවත් කරලා ජනතා නායකයෙක් පත් කර ගන්න.

කොන්ද කෙලින් තියෙන , අයි.එම්.අෆ් එක්ක කොප් කමිටු එක්ක අභියෝග කරමින් කටයුතු කරන්න පුළුවන් පොදු ජන නායකයෙක් දැන් රටට අවශ්‍ය කරනවා යනුවෙන්

– රංජිත් රාජපක්ෂ

Related posts

‘ආපදා කළමනාකරණය දුර්වලයි’ – IMF කොන්දේසි අත්හිටුවා, කඳුකර ඉඩම් විකුණා දැමීම නවත්වන්න: ජන අරගල සන්ධානය

Maimoonar

ප‍්‍රසිද්ද නළුවෙකුගේ පුතෙක් කුඩු ජාවාරමේ..

Maimoonar

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

Maimoonar