28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

යුක්තිය මෙහෙයුමේ ඉලක්කය සුළු ජාතීන්…

රටේ ජනතාවගේ එකම ඉල්ලිම මැතිවරණයක් බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ පෞද්ගලික හෝටලයක පැවති මාධ්‍ය හමුවකදිය.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ,

යුක්තියේ මෙහෙයුමේ ඉලක්කය වෙලා තියෙන්නේ මේ රටේ සුළු ජාතින්ව, සුළු ජාතින්ගෙත් පහළම පන්තියේ අය තමයි අත්අඩංගුවට ගන්නේ.

කුඩු ජාවාරම්කාරයෝ ඇල්ලුවද ? රංජන් රාමනායක කලින්ම කිව්වා මුන් ඔක්කෝම යාලුවෝ කියලා , පොහොට්ටුවේ මැරයන් සමග කරට අත දාගෙන ගිහින් අහිංසක ජනතාවට පහර දුන්න තෙන්නකොන් පොලිස්පති විදිහට පත් කරපු රනිල් රාජපක්ෂ පාලනය තවදුරටත් මහජනතාව උහුලාගෙන ඉන්න එකක් නැ.

මේ රටේ ජනතාවගේ ඉල්ලිම මැතිවරණයක් , පක්ෂ මාරු කරමින් රට පාලනය කරපු මේ කල්ලිය තමයි රට විනාශ කලේ කියලා ජනතාව දන්නවා.

දේශපාලන විද්‍යා මහාචාර්යවරුන්ට කියන්නේ ඔයාලා නොදන්න කරුණක් තමයි මේ රටේ මහජනතාව කියලා පිරිසක් ඉන්නවා කියලා ඒ අය සංවේදි පිරිසක් ඒ නිසා ඒ අය දන්නවා කල යුතුදේ යනුවෙන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

යාපනය සරසවියේ කොටි ස්මාරකයක් සාදා විවෘත්ත කරයි.. කොටි සලකුණු තැන තැන..

Maimoonar

වෙඩි තැබිමට සන්නද්ද හමුදාවන්ට නියෝග නිකුත් කෙරේ..

Maimoonar

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රීයේදී

Maimoonar