28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

විදුහල්පතිගෙන් සිසුන් හත්දෙනෙකුට රජ දඩුවමක්… පොලිතීන් හා පත්තර කවයි.. සිසුන් දෙදෙනෙක් රෝහලේ…

නාවලපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ලබාදුන්නේ යැයි කියන අපුරු දඩුවමක් හේතුවෙන් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකු රෝගාතුර වි නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (21) දින පස්වරුවේ ඇතුලත් කර ඇත.

එම පාසලේ 11 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් (21) දින දිවා ආහාරය කැම ඔතන පොලිතින් වල දමා එය පත්තර පිටුවකින් ඔතාගෙන පැමිණ ඇත.

එම පන්තියේ ළමුන් 33 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර , ඉන් සිසුන් 07 දෙනෙකු දිවා ආහාර රැගෙන විත් ඇත්තේ කැම ඔතන පොලිතින්වල ආවරණය කර පත්තර පිටුවලින් ඔතාගෙනය.

එම සිසුන් හත්දෙනා විවේක කාලයේදි දිවා ආහාර ලබා ගැනිමෙන් අනතුරුව රැගෙන එන ලද පොලිතින් සහ පත්තර පිටු නැවත නිවසට රැගෙන යාමට පාසල් බැගයට දමාගෙන සිටියදි එම ස්ථානයට පැමිණි විදුහල්පතිවරයා ඒවා ඉවතට ගෙන ළමුන් හත්දෙනාටම එම මොහොතේම සපා කන ලෙස ලබාදුන්නේ යැයි කියන උපදෙස් මත එම ළමුන් හත්දෙනා විසින් පොලිතින් සහ පත්තර අනුභව කර ඇත.

එසේ පොලිතින් සහ පත්තර අනුභව කල ළමුන් හත්දෙනා අතරින් එක් ළමයෙකු (21) දින පස්වරුවේ සහ තවත් සිසුවෙකු (22) දින උදරයේ අමාරුව , වමනය , උගුරේ අමාරුව යන රෝග ලක්ෂණ සහිතව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඔහුන්ගේ දෙමව්පියන් විසින් ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුවෙකුගේ පියා විසින් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

සිසුන් සහ ඔහුන්ගේ දෙමව්පියන් විසින් නගන චෝදනා සම්බන්ධයෙන් අප එම විදුහලේ විදුහල්පති ජානක ජයවර්ධන මහතාව දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනිමට උත්සහ කලත් එය ව්‍යාප්ත විය.

– රංජිත් රාජපක්ෂ

Related posts

පාම් ඔයිල් මිල ඉහළ යෑම සහ හිඟය නිසා බේකරි කර්මාන්තය දැඩි අර්බුදයක

Maimoonar

අනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා..

Maimoonar

ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..

Maimoonar