28.4 C
Colombo
August 14, 2026
BusinessBusiness NewsNews

ලංකාව ඉන්ධන අර්බුදයක…

ගාසා තීරයේ ඇති වී තිබෙන යුධමය තත්වය හේතුවෙන් ඉන්ධන අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට ආරක්ෂිත ඉන්න තොග පවත්වාගෙන යමේ ගැටලුවක් පැන නැගී තිබේ.

ඉන්ධන වැඩිපුර මිලදී ගැනීමට ප්‍රමාණවත් අරමුදල් හා ඉන්ධන ගබඩා කිරීමට ප්‍රමාණවත් පහසුකම් නැති නිසා දැනට ඉන්ධන ඇත්තේ දින 30 ට ප්‍රමාණවත් සංචිතයක් පමණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මේ බව කෝප් කමිටුවට දැනුම් දී තිබේ.

ආරක්ෂක ඉන්ධන තොගයක් පවත්වාගෙන යාමට සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන පන්සීයක පමණ මුදලක් වැයවෙන බව ගනන් බලා තිබේ.

දැනට මාසයකට ඉන්ධන තුළ පවත්වාගෙන සඳහා ඩොලර් මිලියන 300ක ප්‍රමාණයක් වෙන් කර ඇති අතර ඉතිරි තොග පවත්වාගෙන යාම අසීරු වුවද එළඹෙන වසරේ ජූනි මාසය වනතුරු ඉන්ධන ඇණවුම් කර ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා කෝප් කමිටුවට දැනුම් දී තිබේ.

Related posts

අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..

Maimoonar

බදුරලියේදී 12 හැවිරිදි දියණිය ගණිකා සේවයේ යෙදවූ මව අත්අඩංගුවට

Maimoonar

මාර්තු 25ට පෙර මැතිවරණයක්..

Maimoonar