Local News News

උෂ්ණත්වය තවත් ඉහලට.. දරුවන් රැකගන්න වෛද්‍ය උපදෙස් මෙන්න..

පවතින ඉහළ උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් කුඩා දරුවන්ට වැඩි වශයෙන් ජලය ලබාදිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

අප්‍රේල් මාසයේ මැද වගේ වනතුරු අධික උෂ්ණාධික කාලගුණ තත්වය ශ්‍රී ලංකාවට පැවතිය හැකිය.

ඒ හේතුවෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන් විජලනයට පත්විය හැකිය.

එලෙස විජලනයට පත්වූ විට හිසරදය,වමනය ,ඇගපත වේදනාව ,නින්ද නොයාම,කලන්තය,මුත්‍ර නොයාම,මුත්‍රා තද පැහැයට හැරීම නිරීක්ෂණය කර හැකිය.

ඒ හේතුවෙන් හැකිතාක් ස්වාබාවික දියරමය ආහාර ගැනීම ඉතා වැදගත් වෙයි.

එහිදී විශේෂයෙන්ම කැල්සියම් සහිත දියරමය ආහාර ගැනීම ඉතාම වැදගත්ය.

තැබිලි වතුර ,පොල් වතුර,නාරං යුෂ සහ කැදවර්ග එහිදී පහසුවෙන්ම ආහාරයට ගැනීමට හැකි බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…

Shiran Viraj

රට පුරා සෞභාග්‍යා ගම්මාන පිහිටුවයි..

Shiran Viraj

ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවම

Shiran Viraj

Leave a Comment