NewsPolitical

සහල්, එලවලු මිල ඉහල යන්නේ බදු වැඩි නිසා…

උතුරේත් දකුනේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත් භාවයකට පත් වූයේ පැවැති රජයේ අදුරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එකී බංකොලොත්භාවයෙන් බැට කන ජනතාව කබලෙන් ලිපට ඇද දමීමට වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය හේතු වු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැති උත්සවයට එක්වෙමිනි.

මේ මොහොතේ පවා කෘෂිකාර්මික නිෂ්පාදන සදහා පවා බදු අය කර ඇති බවත් මේ නිසා සහල් ඇතුලු එලවලු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවන් තත්ත්වයක් තුල අප රටක් ලෙස තවදුරටත් බලා සිටිනවාද නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටිනවාද යන්න ජනතාව තීන්දු කල යුතු බවත් එම යහපත් අරමුණ වෙනුවෙන් නැගී සිටිමට ධෛර්ය ශක්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

– media unit

Related posts

එන්නත් පලමු මාත‍්‍රාව ගත් අයට දෙවන මාත‍්‍රාව දෙන තැන නාමල් කියයි…

Maimoonar

08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි…

Maimoonar

වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…

Maimoonar