Local NewsNews

ටිරාන්ගේ පුතුගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී…

රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාගෙන් අල්ලස් ඉල්ලා තිබීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පදනම් කරගෙන විමර්ශන ආරම්භ කර තිබේ.

ඇමති පුතු මහනුවර බලා මෝටර් රියෙන් යමින් සිටියදී ගලගෙදර ‍පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් මෙසේ අල්ලස් ගැනීමට උත්සාහ දරා ඇති බවට එළවන චෝදනා මත මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පරීක්‍ෂණ ආරම්භ කරන ලෙස දැනුම් දී ඇත.

ඇමති පුත්‍රයාගේ මෝටර් රථය නවත්වා රථ වාහන වරදක් සම්බන්ධයෙන් දඩයක් නියම නොකර නිදහස් කිරීමට අල්ලස් ඉල්ලූ බවට වාර්තා පළ විය.

නමුත් අමාත්‍යවරයාගේ පුත්‍රයා සඳහන් කර ඇත්තේ තමන් වරදක් කරන නිසා දඩ පත්‍රිකාව ගෙන දඩ ගෙවීමට සූදානම් බවය.

Related posts

හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක්

Maimoonar

වැටුප් සංශෝධනයෙන් පඩි අඩුවෙලා.. දොස්තරලා කැළඹෙති..

Maimoonar

ආපන ශාලා විවෘත කිරීම තවදුරටත් කල් යයි

Maimoonar