NewsPolitical

අපි බැණුම් අහන්නේ නිලධාරීන්ගේ වැරදි නිසා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇති සියලුම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන කෙරේ. ඒ සඳහා ඒ ඒ නගර ආශ්‍රිත  ජනතා අදහස් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කතරගම පූජා භූමි සංවර්ධනය සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය. සාකච්ඡාව අද (26) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි පෙන්වා දුන්නේ නාගරික සංවර්ධන අධිකාරිය සකස් කර ඇති ඇතැම් නගර සැලසුම් වර්තමානයට නොගැලපෙන බවයි. මේ නිසා වර්තමානයට ගැලපෙන පරිදි එම ව්‍යාපෘති යාවත්කාලීන විය යුතු බවත් නගර සංවර්ධනය ද සිදුවිය යුත්තේ වර්තමාන ලෝකයට ගැලපෙන ලෙස බවත් පෙන්වා දුන් ඇමතිවරයා කතරගම වැනි විශේෂ නගර, එම නගරවල ඇති ඓතිහාසික වටිනාකම රැකෙන  පරිදි සංවර්ධනය විය යුතු යැයි ද පෙන්වා දුන්නේය.

“සමහර නිළධාරින් මේ සැලසුම් හදන්නේ සීත කාමරවල ඉඳන්. ඒ සැලසුම් බිමට ගැළපෙන්නේ නැති අවස්ථා හුඟක් තියෙනවා. මේ නිසා රටේ සංවර්ධන කටයුතු වලින් අපේක්ෂිත අරමුණු ඉෂ්ට වෙන්නේ නෑ. හැබැයි ඒවට බනින්නේ ඒ විෂයභාර ඇමතිවරුන්ට. එහෙම නැත්නම් ආණ්ඩුවට. නිලධාරින්ගේ වැඩ නිසා තමයි දේශපාලනඥයන් වන අපිට බැනුම් අහන්න වෙලා තියෙන්නේ.” යැයි ද ඇමතිවරයා මෙහි දි කීවේය.

“කතරගම වන්දනා මාන කරන්න එන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසනවා වගේම ඒ පූජා භූමියේ ගෞරවය රැකෙන පරිදි ඔබතුමන්ලාගේ සැලසුම් සැකසීම වැදගත්.” රණතුංග මහතා මෙහි දි වැඩිදුරටත් කීවේය.

කතරගම පූජා භූමිය ආශ්‍රිත සංවර්ධන කටයුතු වලදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. විශේෂයෙන් ම නගරයේ ඇති අනවසර කඩ ඉවත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ. කතරගම පූජා භූමි සංවර්ධනය වෙනුවෙන් ඒකාබද්ධ සැලසුමක් ක්‍රියාත්මක කිරිමට ද මෙහිදී තීරණය කෙරිණ.

ප්‍රදීප් අනුර කුමාර

Related posts

ජනවාරියේ IMF ඉදිරියේ දණ ගහන්න වෙනවා.. රට ඉතාම භයානක තත්වයක…

Maimoonar

ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි

Maimoonar

IMF වෙතින් ඩොලර් මිලියන 200ක ආධාර ඉල්ලීම සලකා බලයි: ‘දිට්වා’ ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දීමට කැපවෙයි

Maimoonar

7 comments

Comments are closed.